එල්ලා වැටෙන ඇඟ අඩු කර ගන්න රාත්‍රියේ නින්දට යාමට පෙර මේ මිශ්‍ර‍ණය පානය කරන්න

Loading...

අපේ ශරීරයේ තියෙන මේදය දහනය වෙන්නේ අපට නින්ද ගියාට පස්සේ කියලා ඔයාලා දන්නවා ඇති. ඒ කියන්නේ නිරෝගී ජීවිතයක් ගත කරන්න අපි කාටත් හොඳ නින්දක් ලබන එක අනිවාර්යයි. ඒක නිසා තමයි විශේෂඥයින් කියන්නේ පැය 8 නින්ද අනිවාර්යයි කියලා.

ඒ වගේම මාශ පේශීන් වර්ධනය වීම සහ සෛල නැවත සැකසීම සිදුවන්නෙත් ශරීරය නිද්‍රා තත්වයේ තියෙද්දී කියලා තමයි වෛදවරුන් පවසන්නේ. කොහොම වුනත් අපිට නින්ද ගියාට පස්සේ අපේ ශරීරයේ තියෙන මේදය යම් ප්‍ර‍මාණයකට දහනය වීම සිදු වුනත් අනවශ්‍ය මේදය සම්පූර්ණයෙන්ම දහනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ.

පරිවෘත්තීය ක්‍රියාවලිය, ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීතත්වය වගේම මේදය ද්‍ර‍ බවට පත් කිරීමේ ක්‍රියාවලියත් නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න නම් පැය 8 සුවබර නින්දක් අත්‍යාවශ්‍යය වෙනවා. එහෙත් අද තියෙන කාර්ය බහුල ජීවන රටාව නිසා ගොඩක් දෙනෙකුට පැය 8ක සුවබර නින්දක් ලබන්න නම් වෙන්නේ නැහැ.

දැන් ඔබට හිතේවි එහෙනම් කොහොමද හරියාකාරව නින්දකුත් නැතුව අපි නිරෝගිමත්, සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කරන්නේ කියලා. ඒකට සරල, විශ්මිත විසදුමක් තමයි අද අපි කියලා දෙන්න හදන්නේ. මේක 100% ස්වභාවික පානයක්.

මෙය පානය කිරීමෙන් පසු නින්දේදී අපේ ශරීරයේ සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාවලියම වේගත් වෙනවා. ඒ වගේම අතිරික්ත මේද ඉතා ඉක්මණින් දහනය කරලා දානවා. ඔබට කරන්න තියෙන්නේ නිදාගන්න පැය කිහිපයකට කලින් මේ විශ්මිත මිශ්‍ර‍ණය පානය කරන්න විතරයි. තවත් දෙයක් කියන්න ඕන ඔබේ රාත්‍රී ආහාරය ලබා ගැනීමට පෙර මෙය පානය කරන්න පුළුවන්නම් ගොඩක් හොඳ ප්‍ර‍තිඵල ලබාගන්න පුළුවන්.

මේක හදා ගන්න ඕන කරන්නේ පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් දේවල් කිහිපයක් පමණයි. මේ දේවල් සියල්ලම ඔබේ නිවසේ මුළුතැන් ගෙයින් හොයාගන්න පුළුවන්. වැඩි කතා ඕක නැහැ අපි දැන් බලමු මොනවද මේක හදා ගන්න ඕන කරන දේවල් කියලා.

දෙහි ගෙඩියක්
රට අසමෝදගම් (පාස්ලි) කොල ස්වල්පයක්
කුරුදු පොතු ස්වල්පයක්
විනාකිරි මේස හැදි බාගයක්
කුඩා ඉඟුරු කැබැල්ලක්
මී පැණි තේ හැන්දක්

මේක හදා ගන්නත් හරිම ලේසියි ලොකු දෙයක් කරන්න නැහැ. මුලින්ම දෙහි ගෙඩිය මිරිකලා යුෂ ටික වීදුරුවකට ගන්න. ඇඹුල් ගතිය වැඩි නම් වතුර ටිකක් කලවම් කරලා ගන්න. ඊට පස්සේ කුරුදු පොතු කැබැල්ලයි, ඉඟුරු කැබැල්ලයි සිහින්ව කුඩු කර ගන්න. දැන් මේ දේවල් සේරම ටික බ්ලෙන්ඩර් එකට දාලා ජූස් එකක් වගේ හදා ගන්න. මතක ඇතුව විනාකිරි මේද හැදි බාගය හා මී පැණි තේ හැන්දත් එයටම එකතු කරන්න. හරි දැන් කරන්න තියෙන්නේ මෙය පානය කරන්න විතරයි.

දෙහි ගෙඩි දෙකක් විතර දාලා ටිකක් වැඩිපුර ජූස් එක හදාගෙන රාත්රීා ආහාරය වෙනුවට මේක විතරක් ගන්න පුළුවන් නම් දින කිහිපයක් ඇතුලත ඉතා වේගයෙන් ශරීරයේ ඇති අනවශ්‍ය මේදය දහනය කර ගන්න පුළුවන්. ඒ වගේම මෙය පානය කලාට පසු දින උදෑසන අවදි වෙද්දි කවදාකවත් නොදැනුන තරමේ සැහැල්ලුවක්, ශක්ති සම්පන්න බවක් ඔයාලට ඇඟට දැනේවි. සති දෙකක් මේක බීලා බලන්න සිදු වෙන වෙනස ඔබව පුදුමයට පත් කරාවි.

(Visited 83,413 times, 195 visits today)
Loading...
Loading...

error: Content is protected !!