ලොවම පුදුමයට පත් කරවමින් මහා බාධක කොරල් පරය තුලින් හමුවූ යෝධ නිල් කුහරය මෙන්න

Loading...

සාගරික ජීව විද්‍යාඥයින්ට මහා බාධක කොරල් පරය තුලින් යෝධ නිල් කුහරයක් හමුවී තිබෙනවා. ඒ තුලින් හමුවූ දෙය නම් සැබවින්ම විශ්මය ජනකයි.

මහා බාධක කොරල් පරය මියයමින් තිබෙන බව ඔබ දන්නවා ඇති. ජීවී බවකින් සමන්විතව තිබූ එම වර්ණවත් කොරල්පර අද සුදුමැලි පැහැයකට පත්ව තිබෙනවා. විශේෂඥයින් පවසන්නේ උෂ්ණත්ව ඉහළයාම ඒ සඳහා වගකිවයුතු බවයි. ජලයේ අධික උෂ්ණත්වයක් ඇතිවිට කොරල් පර විසින් එහි වෙසෙන ඇල්ගී විශේෂ පිටමංකරනවා. අන්න එම හේතුව නිසා තමයි අද එම කොරල් පර සුදු පැහැයකින් දිස්වන්නේ. විශ්වාස කරන්න, මහා බාධක කොරල්පරයේ සියයට 95ක් තරම් ප්‍රතිශතයකට එම අවාසනාවන්ත ඉරණම අත්ව තිබෙනවා.

ලෝක උරුමයක් ලෙස සලකන මහා බාධක කොරල් පරය ලොව විශාලතම කොරල්පර පද්ධතිය ලෙස හඳුන්වන්නට පුළුවන්. එය ස්වභාවික ලෝකයේ 7 වෙනි පුදුමය ලෙසද සැලකෙනවා. ඒවගේම එය මිලියන ගණනක් වූ සාගරික ජීවීන්ගේ නිවස්නය බවට පත්ව තිබෙනවා. අභ්‍යවකාශයේ සිට පවා දැකිය හැකි එකම ජීවී වස්තුව ලෙස එය හඳුන්වන්නට පුළුවන්.

ජොනී ගැස්කල් කියන සාගරික ජීව විද්‍යාඥයා ගූගල් මැප් චායාරූප පරික්ෂා කිරීමේදී අති විශාල නිල් කුහරයක් ඔහු දැක තිබෙනවා. එම නිල් කුහරය වෙත සංචාරය කිරීමට බලවත් ආශාවකින් ඔහු පසුවුණා. එම කුහරය පිහිටා තිබෙන්නේ මින් මාස 5ට පෙර දැවැන්ත කුණාටු තත්වයක් නිසා බිඳී වෙන්වීගිය ප්‍රදේශය තුලයි.

ජොනී සහ ඔහුගේ කණ්ඩායම එම කුහරය තුල කිමිඳීමේදී ඔවුන් දුටු දෙයින් පුදුමයට පත්වුනා. ඔවුන්ට එහිදී හමුවී තිබුනේ නිරුපද්‍රිතව පැවති අලංකාරවත් කොරල්පර සමූහයක්. මීටර් 15ක් සහ 25ක් තරම් ගැඹුරට ගමන් කරන විට තමයි ඔවුන්ට එම කොරල්පර සමුහය හමුවී තිබෙන්නේ. එම කොරල් පර සමූහය කිසිඳු අන්තරාවක් නොමැතිව ජීවී බවකින් යුතුව පැවතීම සැබවින්ම පුදුමයට කරුණකි.

නිල් කුහරයක් යනු පාෂාණ ඛාදනය වීම නිසා ජලය අභ්‍යන්තරයේ ඇතිවෙන හුණු කෙම් විශේෂයකි. මෙම කුහරය තුල පවතින කොරල්පර නිරුපද්‍රිතව පැවතියේ කෙසේද ? එම නිල් කුහරය වැඩි ගැඹුරකින් යුතු නිසා දශක ගණනාවක් පුරාවට එහිවූ කොරල් පර ආරක්ෂාවී තිබෙනවා. මොකද ජලයේ ගැඹුර වැඩිවෙනවාත් සමගම ජලය උෂ්ණත්වය අඩුවීමක් සිදුවෙනවා.

ඉහත ජීව විද්‍යාඥයා ඇතුළු ඔහුගේ කණ්ඩායම අදාළ නිල් කුහරය පිහිටි නිවැරදි ස්ථානය පවසන්නේ නැහැ. මොකද එසේ පැවසීමෙන් කිමිඳුම් කරුවන් සහ ධීවරයින්ගෙන් ඊට හනෛවෙන්නට පුළුවන්. එම කුහරයට අමතරව තවත් කුහර දෙකක් ඔහුට හමුවී තිබෙනවා. ඒ තුලවූ කොරල් පරත් ආරක්ෂා වී පවතින බවට විශ්වාසයක් තබාගන්නට පුළුවන්.

(Visited 1,017 times, 1 visits today)
Loading...
Loading...

error: Content is protected !!